බවුමා ශ්‍රී ලංකා තරගාවලියට ක්‍රීඩා කරයිද? බංග්ලාදේශයට එරෙහි දෙවැනි තරගයෙනුත් ඉවතට

Date:

දකුණු අප්‍රිකා ටෙස්ට් නායක ටෙම්බා බවුමාට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වැලමිටක ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

ඒ අනුව පළමු තරගයේ දී කණ්ඩායම මෙහෙය වූ ඒඩ්න් මාක්‍රම් දෙවැනි ටෙස්ට් තරගයේ දී ද දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේ දී සිය රටේදී ශ්‍රී ලංකාවට එරෙහිව ද ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලිය සදහා බවුමා සූදානම් කර ගැනීමේ අරමුණ ඇතිව මේ වන විට අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල ඔහුව නිරත කර තිබෙනවා.

බවුමා මෙම ආබාධයට මුහුණ දුන්නේ මෙම මාසයේ දී අයර්ලන්තය සමග පැවැති එක්දින තරගයක් අතරතුරදීයි.

මීර්පූර්හීදී බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු හතක ජයක් ලැබූ අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඔක්තෝබර් 29 වැනිදා Chattogram හීදී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad

Aiden Markram (capt), David Bedingham, Matthew Breetzke, Dewald Brevis, Tony de Zorzi, Keshav Maharaj, Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Dane Piedt, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton and Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...