බල්බර්නි, ස්ටර්ලිග්න් හා ටකර්ගේ අර්ධ ශතක හමුවේ පළමු දිනයේ සියලු ගෞරව අයර්ලන්තයට

Date:

නායක ඇන්ඩි බල්බර්නි, පෝල් ස්ටර්ලින්ග් හා ලෝකන් ටකර් වාර්තා කළ අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව තමන් සතු කර ගැනීමට අයර්ලන්තය සමත් වුණා.

පළමු දිනය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ලෝකන් ‌ටකර් ලකුණු 78 ක් හා කර්ටිස් කැම්පර් ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ලකුණු 87* (136) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබෙනවා.

ලෝකන් ටකර් ලකුණු 36 ක් ලබා සිටියදී දුන් උඩ පන්දුවක් silly point හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් විසින් රැක ගත්ත ද, එය නොදැවී යාමක් ලෙසයි විනිසුරු විසින් තීරණය කළේ. ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද යොදා ගැනීමට එම අවස්ථාවේ දී කටයුතු නොකළ බැවින් ටකර් තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.(දර්ශන පහතින්)

අයර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස පීටර් මුවර් ලකුණු පහකට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. ඒ, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්. ජේම්ස් මැකලම් ලකුණු 10 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් ලබා දෙමින්. හැරී ටෙක්ටර් ලකුණු 18යි. ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ දිනේෂ් චන්දිමාල් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.

අනතුරුව ස්ටර්ලින්ග් හා බල්බර්නි අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 115* (223) ක්. පෝල් ස්ටර්ලින්ග්ට ලකුණු 74 ක් ලබා සිටියදී පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු වීමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

සිය මංගල ටෙස්ට් ශතකය අභියස රැදී සිටි නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 95 කට දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින්. පන්දු 163 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී අයර්ලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 106ක් ලබා ගත් අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී අයර්ලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 93 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා. තේ පානයේ සිට තරගය අද දිනට අවසන් කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී අයර්ලන්තය එක් කඩුල්ලක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 120 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...