බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචාරය ප්‍රතික්ෂේප කරයි

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත කාලසටහනට අනුව සිදු කිරීම සදහා බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සිය අකමැත්ත පල කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන මස තෙවැනි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද පෙන්වා දෙන්නේ නිසි සූදානමක් නොමැතිව ක්‍රීඩකයින් අදාළ තරගාවලිය සදහා යොමු කළ නොහැකි බවයි.

දීර්ඝ කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීම හේතුවෙන් අවම වශයෙන් දින 40ක පුහුණුවීම් කාලයක් ක්‍රීඩකයින්ට ලබා දිය යුතු බව එරට ක්‍රිකට් ආයතනයේ අදහසයි.

මීට පෙර ක්‍රීඩාංගනයක සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීමක් ද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ නමුත්, මේ වන විට පෞද්ගලිකව පුහුණුවීම් ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

අදාළ තරගාවලිය නියමිත කාලසටහනට අනුව පැවැත්වීමට නොහැකි වුවහොත් එය සැප්තැම්බර් මාසයේ දී හෝ පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...