ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Date:

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජිතව තිබුණ ද පවතින සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා අවස්ථාව ලබා දීමට එකගතාවය පල කර ඇති බව සදහන්.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සදුදා (8) පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී මෙම එකගතාවයට එළඹ ඇති අතර, ඒ අනුව අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා මෙරට රජයේ අනුමැතිය ද ලබා ගැනීමට සිදු වනු ඇති.

අගෝස්තු මාසයේ දී ලන්කන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අපේක්ෂාවෙන් පසුවන අතර, ඒ සදහා ද 70%ක පමණ රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...