පූරාන් හා හෝල්ඩර්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ කොදෙව්වන් තරගාවලිය සම කරයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(25) පෙරවරුවේ සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 38කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 187ක් පමණයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 45කටත්, 7 වන කඩුල්ල ලකුණු 96 දීත් දැවී ගිය අතර, අනතුරුව මැතිව් වේඩ්, ඇඩම් සම්පා හා වෙස් ඒගාර් එක්ව ඔස්ට්‍රේලියානු ඉනිම යම් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

වේඩ් හා සම්පා ලකුණු 36 බැගින් රැස් කළ අතර, ඒගාර් ලකුණු 41යි.

පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් හා Akeal Hosein කඩුලු 3 බැගින් දවා ගත් අතර, ශෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 72ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවුන්ගේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 72කට දැවී ගිය අතර, අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිකලස් පූරාන් හා ජේසන් හෝල්ඩර් අතර ලකුණු 93ක සබදතාවයක් ගොඩ නැගුණා.

පූරාන් නොදැවී ලකුණු 59ක් හා හෝල්ඩර් ලකුණු 52ක් ලබා ගත්තා. ෂායි හෝප් ලකුණු 38යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් හා ඇඩම් සම්පා කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...