අත්දැකීම් අවම ශ්‍රී ලංකා කණ්ඩායම IPL තරු සමග අද 20යි 20 තරග බිමට

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(25) රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේ දී ලැබූ ජය හා දෙවැනි තරගයේ දී ප්‍රදර්ශනය කළ ප්‍රබල තරගකාරීත්වය හේතුවෙන් එක්දින තරගාවලියට වඩා 20යි 20 තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි මානසික විශ්වාසයක් සහිතව එක් වනු ඇති.

ඉන්දීය කණ්ඩායම මෙම 20යි 20 තරගාවලිය සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ සුපිරි ක්‍රීඩකයින් රැසක් සහිතව තරග කිරීමට නියමිතයි.

“අපි අපේ හොදම කණ්ඩායම ක්‍රීඩා කරවනවා.” යනුවෙන් ඉන්දීය නායක ශිකර් ධවාන් මාධ්‍ය හමුවේ සදහන් කළා.

ඒ අනුව වැඩි ක්‍රීඩකයින් පිරිසකට 20යි 20 තරගාවලිය ආරම්භයේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 වරම් හිමි නොවනු ඇති.

ආබාධයක් හේතුවෙන් අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිදු හසරංග පළමු 20යි 20 තරගයට බොහෝ විට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉසුරු උදාන ද ඇතැම් විට කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති අතර, ඒ අනුව රමේෂ් මෙන්ඩිස්ට හා ප්‍රවීන් ජයවික්‍රමට බොහෝ දුරට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

Sri Lanka (probable):

Avishka Fernando, Minod Bhanuka (wk), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka (c), Chamika Karunaratne, Wanindu Hasaranga, Isuru Udana, Dushmantha Chameera, Akila Dananjaya

India (probable):

Prithvi Shaw, Shikhar Dhawan (c), Ishan Kishan (wk), Sanju Samson, Suryakumar Yadav, Hardik Pandya, Krunal Pandya, Deepak Chahar, Bhuvneshwar Kumar, Varun Chakravarthy, Yuzvendra Chahal/Rahul Chahar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...