පූරාන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 හා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිකලස් පූරාන් ඉල්ලා අස් වී තිබෙනවා.

නිමා වූ අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වීමට කොදෙව්වන්ට සිදු වූ අතර, එය පදනම් කර ගනිමිනුයි ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ස්කොට්ලන්තය හා අයර්ලන්තය හමුවේ ලද පරාජ හේතුවෙනුයි තරගාවලියේ සුපිරි 12 වටයට හෝ සුදුසුකම් නොලබා පළමු වටයෙන්ම ඉවත් වීමට දෙවරක් ලෝක 20යි 20 ශූරයින් වූ කොදෙව්වන්ට සිදු වුණේ.

පසුගිය වසරේ දී හා මෙම වසර මුලදී කයිරන් පොලාඩ් ක්‍රීඩා නොකළ අවස්ථාවලදී කොදෙව් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස පූරාන් කටයුතු කළා.

අනතුරුව පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීමත් සමග පසුගිය මැයි මාසයේ දී කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පූරාන් පත් කරනු ලැබුවා.

නිකලස් පූරාන් විසින් කොදෙව් කණ්ඩායම එක්දින තරග 17 කදී හා 20යි 20 තරග 23 කදී මෙහෙයවා තිබෙනවා.

කොදෙව් කණ්ඩායම යළි සීමිත පන්දුවාර තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ අතර, ඒ අනුව නොවැම්බර් 30 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු ධූරයෙත් ඉවත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...