පීඩනය යටතේ හැරී බෘෘක් ගහපු සුපිරි ශතකය හමුවේ පළමු දිනයේ සියලු ගෞරව එංගලන්තයට

Date:

හැරී බෘෘක්ගේ සුපිරි ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(6) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

වෙලින්ටන්හීදී පැවැත්වෙන තරගය අද දිනයට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියා. ඒ, නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 280 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 194 ක්.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 43 දී බිද වැටුණු අතර, පසුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 174 (159) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට බෘෘක් හා ඔලී පෝප් සමත් වුණා.

බිද වැටුණු එංගලන්ත ඉනිම ගොඩ ගත් හැරී බෘෘක් පන්දු 115 කින් ලකුණු 123 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 11 ක් සමගින්. ඔලී පෝප් ලකුණු 66(78) යි.

පන්දු යැවීමේ දී නේදන් ස්මිත් ලකුණු 86 කට කඩුලු 4 ක් දවා ගත් අතර, විලියම් ඕරෝක් ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගත්තා. මැට් හෙන්රි බිද හෙලූ කඩුලු ගණන දෙකක්.

නවසීලන්ත පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ටොම් ලේතම් ලකුණු 17 කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 11 කටත්, දැවී ගියා. කේන් විලියම්සන් ලකුණු 37 ක් රැස් කළ අතර, රචින් රවීන්ද්‍ර ලකුණු 3කටත්, ඩැරල් මිචෙල් ලකුණු 6කටත් දැවී ගියා. විලියම් ඕරෝක් මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නොමැති අතර, ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 7යි.

පන්දු යැවීමේ දී බ්‍රයිඩන් කර්ස් කඩුලු 2 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන් හා බෙන් ස්ටොක්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...