පීටර්සන්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ආසියානු පිලට කඩුලු 7ක දැවැන්ත පරාජයක්

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියේ 5 වැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට World Giants කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වූයේ ආසියානු ලයන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආසියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 17කටත්, සනත් ජයසූරිය ලකුණු 3කටත්, උපුල් තරංග ලකුණු 22කටත් දැවී ගියා.

අස්ගර් ඇෆ්ඝන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 41ක් ලබා ගනිමින්.

රොමේෂ් කලුවිතාරන ලකුණු 26යි.

පන්දු යැවීමේ දී ලෝක කණ්ඩායම වෙනුවෙන් රයන් සයිඩ්බොටම් හා මෝර්නි මෝර්කල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ World Giants කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් පීටර්සන් පන්දු 38කින් වේගවත් ලකුණු 86ක් රැස් කළා. ඒ, හයේ පහර 7ක් හා හතරේ පහර 9ක් සමගින්.

කෙවින් ඕබ්‍රයන් නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී මුත්තයියා මුරලිදරන් කඩුලු 2ක් හා නුවන් කුලසේකර එක් කඩුල්ලක් බිද හෙලුවා.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට World Giants කණ්ඩායම සමත්ව සිටින්නේ ක්‍රීඩා කළ තරග තුනෙන් තරග දෙකක් ජය ගනිමින්.(ප්‍රසාද ලකුණු 4)

ආසියානු ලයන්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවනවා. ඒ, ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගනිමින්.(ප්‍රසාද ලකුණු 4)

ඉන්දීය මහරාජාස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු 2ක් සමගින් අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...