පැතුම් ටෙස්ට් කණ්ඩායමටත්, “කාසියේ වාසිය තීරණාත්මකයි” – දිමුත්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ද නවක ක්‍රීඩක පැතුම් නිස්සංකට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාවක් හිමි වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔහු පළමුපෙල තරගවලදී හොදින් දක්ෂතා දක්වා ඇති බැවින් අනිවාර්යයෙන්ම ඔහුට එම අවස්ථාව හිමිවන බවයි දිමුත් සදහන් කළේ.

කොදෙව් ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(19) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

පැතුම් නිස්සංක කැපවීමෙන් පුහුණුවීම් කටයුතු ද සිදු කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සදහන් කර සිටියේ.

සීමිත පන්දුවාර තරග හා සංසන්දනය කිරීමේ දී ටෙස්ට් තරගාවලිය සදහා වෙනස් තණතීරුවක් ලැබෙනු ඇති බව දිමුත් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව තණකොල සහිත වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් හිමි වීමට වැඩි ඉඩක් පවතින බවයි ඔහු කියා සිටියේ.

ඒ හේතුවෙන් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීමට අදහස් කර ගෙන සිටින බවත්, ටෙස්ට් තරගාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි.

පිතිකරුවන් ලකුණු 270ක් 300ක් වැනි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත් බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 21 වනදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...