පාන්ට්ගේ වගකීම් විරහිත පිතිහරඹයට කෝලි දුන් සැර පිළිතුර

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් අද(23) දිනයේ දී ද වගකීම් විරහිත පිතිහරඹයක නිරත වනු දක්නට ලැබුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

මෙම තරගයේ දී ලකුණු 288ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව එක් අවස්ථාවක එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 116ක් ලබා සිටියා.

ඒ් වන විට තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ද රැදී තිබුණේ ඉන්දීය කණ්ඩායමටයි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ශිකර් ධවාන් ලකුණු 61කට දැවී ගිය අතර, අනතුරුව රිෂාබ් පාන්ට් ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ වගකීම් විරහිත හා අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන්.

පළමු පන්දුවටම පියවරක් ඉදිරියට පැමිණ දැවැන්ත පහරක් එල්ල කිරීමට ඔහු උත්හාස කළ නමුත්, එය අසාර්ථක වෙමින් ඔහු දැවී ගියේ සිසන්ඩා මගාලා අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

පාන්ට්ගේ එම ක්‍රියාකලාපයට මේ වන විට පාර්ශව රැසකින් දැඩි විවේචන ද එල්ල වනු දක්නට ලැබෙනවා.

එම දැවී යාම සිදු වූ අවස්ථාවේදී අනෙක් අන්තයේ රැදී සිටි විරාට් කෝලි ඊට දැක් වූ අපූර්ව ප්‍රතිචාරය ද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

එම අවස්ථාවට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් –

https://twitter.com/SlipDiving/status/1485267606835580931

https://twitter.com/Koksal_PBKS/status/1485269326630625280

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...