පාකිස්තාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය TikTok ටෙස්ට් තරගාවලිය ලෙස නම් කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා (title sponsor) ලෙස TikTok සමාගම කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(25) නිවේදනය කළා.

ඒ අනුව ඉදිරියේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිල TikTok ගිණුමක් ද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වන අතර, සීමිත පන්දුවාර තරග 4 මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...