පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය අවසන් වන විට ඔවුන් සිය පළමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 238 ක්.

ඩීන් එල්ගර් ලකුණු 41කට දැවී ගියා. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ Sarel Erwee ලකුණු 108ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 42යි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 13 ක් හා ටෙම්බා බවුමා ලකුණු 22ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, මැට් හෙන්රි හා නෙයිල් වෑග්නර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...