පාකිස්තානය පරදා බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

Date:

පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර රාවල්පින්ඩිහී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින්. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් පළමු වරට පාකිස්තානය පරදා ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය ලැබූ සිය පළමු ටෙස්ට් තරග ජය ද ඔවුන් වාර්තා කළේ මෙම තරගාවලියේ පළමු තරගයේ දී යි.

තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවන් වූ සාකීර් හසාන් ලකුණු 40කටත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 24 කටත් දැවී ගියා. නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 38 යි. මොමිනුල් හක් ලකුණු 34 ක් රැස් කළා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 22 ක් හා ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 21 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී මීර් හම්සා, කුරාම් ශහ්සාඩ්, අබ්‍රාර් අහ්මඩ් හා සල්මන් ආගා කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්. අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 172 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...