එංගලන්ත නව පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කර තිබෙනවා.

ඔහු මේ වන විටත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින අතර, එම වගකීමට අමතරයි ඔහුට මෙලෙස එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ ද පුහුණුකාරීත්වය ලබා දී ඇත්තේ.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එතෙක් සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ ඔස්ට්‍රේලියානු ජාතික මැතිව් මොට් ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ අතර, ඔහු වෙනුවට බ්‍රෙන්ඩන් මැකලම් මෙලෙස නව පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

2025 වසරේ ජනවාරි මාසයේ සිට මැකලම් එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2027 වසර දක්වා බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

2025 වසරේ දී මැකලම් විසින් සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාර ගන්නා තුරු මර්කස් ට්‍රෙස්කොතික් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...