පාකිස්තානය අඛණ්ඩව දෙවැනි ජයත් වාර්තා කරයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට පාකිස්තානය අද(26) සමත් වුණා.

ඔවුන් හමුවේ සාජාහී දී පැවැති තරගයේ දී කඩුලු 5කින් පරාජයට පත් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බබාර් අසාම් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

ඩැරල් මිචෙල් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළා.

නායක කේන් විලියම්සන් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 33ක් රැස් කළා. නායක බබාර් අසාම් ලකුණු 9යි.

ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස් හා ඉමාඩ් වසීම් ලකුණු 11 බැගින් රැස් කළා.

පාකිස්තානය ජයග්‍රහනය කරා රැගෙන ගිය ෂොයිබ් මලික් පන්දු 20කින් නොදැවී ලකුණු 27ක් හා අසිෆ් අලී පන්දු 12කින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි කඩුලු 2ක් ද, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග පාකිස්තානය දෙවන කාණ්ඩයේ (Group 2) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද යළි හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...