ප්‍රහාරාත්මක වේගයෙන් පැතුම් නිස්සංක 4 වැනි තැනට

Date:

පැතුම් නිස්සංකගේ වේගවත් ශතකය හමුවේ එංගලන්ත තරග සංචාරයට සැනසුම්දායක අවසානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකි වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

මෙම ජයත් සමග වාර්තා කිහිපයක්ම අලුත් වූ අතර, ඉන් වාර්තා කිහිපයක් පිළිබද තොරතුරු අප මීට පෙර වාර්තා කළා.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා වාර්තා කළ ලකුණු 219 ඉතිහාසගත වුණේ එංගලන්තයේ දී සිව්වැනි ඉනිමේ දී ආසියානු කණ්ඩායමක් තරගයක් ජය ගැනීම සදහා සාර්ථක ලෙස හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී එක් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම පන්දු 50 ට අඩුවෙන් අර්ධ ශතක වාර්තා කළ ලොව 9 වැනි පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක ද ඉතිහාසගත වුණා.

මේ අතර, ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ දී සාර්ථක ලෙස කණ්ඩායමක් ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී එම කණ්ඩායම වෙනුවෙන් ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිතව ශතක රැස් කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට ද පැතුම් සමත්ව තිබෙනවා.

පැතුම් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 127 ක් රැස් කළේ පන්දු 124 කින්. එම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 102.41 ක් ලෙසයි.

එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් 2022 වසරේ දී නවසීලන්තයට එරෙහිව සිව්වැනි ඉනිමේ දී 147.82 ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ශතකයක් රැස් කර තිබූ අතර, සාර්ථක හඹා යාමකදී පිතිකරුවෙකු ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිතව රැස් කළ ශතකය වන්නේ එම ශතකයයි.

එම වේගවත් ශතක ලැයිස්තුව පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...