ඇට්කින්සන් එක්දින තරගාවලියෙන් විවේක ගන්වයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් විවේක ගන්වා තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දී ඔහු ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 12 ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

කොදෙව්වන්ට හා ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරග හය තුළ දී ඔහු දවා ගත් සමස්ථ කඩුලු ගණන 34 ක්.

ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ඔහුගේ වේගය තරමක් අඩු වන ආකාරයක් දැක ගත හැකි වූ අතර, එම තරගයේ තෙවැනි දිනය අතරතුර දී ඔහු පාදයක සුළු ආබාධයකට ද ලක් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ද ඇට්කින්සන් පන්දුවාර 11 ක් යොමු කරමින් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව ඔහුව එක්දින තරග පහකින් යුත් තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ඔහු වෙනුවට ඔලී ස්ටෝන් සංචිතයට ආදේශ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...