පළමු 20යි 20 න් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(8) සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී රැස් කළේ ලකුණු 106 ක් පමණයි.

තරගයේ පළමු පන්දුවෙන්ම චමරි අතපත්තු දැවී ගියා. විශ්මි ගුණරත්න ලකුණු 26 ක් ද, අනුෂ්කා සංජීවනී හා ඕෂධී රණසිංහ ලකුණු 18 බැගින් ද ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12 යි.

පන්දු යැවීමේ දී Eden Carson, Leigh Kasperek හා Amelia Kerr කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

Suzie Bates ලකුණු 44 ක් ද, Amelia Kerr ලකුණු 34 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...