පවන්ගේ වේගවත් ශතකය හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි ජයක්

Date:

දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(18) සමත් වුණා.

Benoni හි පැවැති තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා A කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ දිවා ආහාරයෙන් පසුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 254 ක ඉලක්කයක් ලබා දෙමින්.

පවන් රත්නායක වාර්තා කළ වේගවත් ශතකය හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 41.3 ක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පවන් රත්නායක නොදැවී ලකුණු 116 ක් රැස් කළේ පන්දු 67 කින්. පසිදු සූරියබණ්ඩාර ලකුණු 52 කට දැවී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 334 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 319 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලහිරු උදාර ශතකයක් වාර්තා කරමින් ලකුණු 129 ක් ලබා ගත්තා. පසිදු සූරියබණ්ඩාර ලකුණු 92 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...