කමිදුගේ ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

Date:

කමිදු මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(18) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 302 ක්.

මෙම තරගයේ දී අංක 5 පිතිකරු ලෙස උසස් වීමක් ලද කමිදු මෙන්ඩිස් පන්දු 173 කින් හතරේ පහර 11 ක් සමග ලකුණු 114 ක් ලබා සිටියදී දැවී ගියා.

මෙය ඔහුගේ සිව්වැනි ටෙස්ට් ශතකය වූ අතර, ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ඔහු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කරමින් ලකුණු රැස් කිරීමට කමිදු මේ වන විට සමත්ව තිබීම ද විශේෂත්වයක්. එලෙස සිය පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කරමින් ලකුණු රැස් කළ ලොව දෙවැනි පිතිකරුවා ලෙසයි කමිදු ඉතිහාසගත වුණේ.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න ලකුණු දෙකකටත්, පැතුම් නිස්සංක ලකුණු 27 කටත් දැවී ගියා.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 30 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36 කට දැවී ගියා. ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 11 ක් පමණයි.

අංක 7 පිතිකරු ලෙස මෙම තරගයේ දී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. (දර්ශන පහතින්) පන්දු 68 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් හා කමිදු මෙන්ඩිස් 6 වැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 103 (137) ක්.

රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, ප්‍රභාත් ජයසූරිය මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

පන්දු යැවීමේ දී William O’Rourke ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ග්ලේන් පිලිප්ස් ලකුණු 52 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

කුසල් මෙන්ඩිස්ගේ හා කමිදු මෙන්ඩිස්ගේ දැවී යාම් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...