2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ 10 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය අද(22) සමත් වුණා.
ඇමෙරිකාව මෙවර තරගාවලියේ දී ක්රීඩා කළ තරග තුනම මේ වන විට පරාජයට පත්ව ඇති අතර, නෙදර්ලන්තය ජය ගත් පළමු තරගය මෙයයි.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා ගනිමින්.
Shayan Jahangir ලකුණු 71 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. Jessy Singh ලකුණු 38 කටත්, Gajanand Singh ලකුණු 33 කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී Ryan Klein හා Bas de Leede කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නෙදර්ලන්තය ජයග්රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 43.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.
නායක Scott Edwards නොදැවී ලකුණු 67(60) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්රහනය කරා රැගෙන ගියා. Teja Nidamanuru ලකුණු 58 යි.
Jessy Singh ලකුණූ 35 කට කඩුලු 2 ක් දවා ගත්තා.

