නූර් අහ්මඩ්ට එරෙහිව මාස 12 ක තරග තහනමක්

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ්ට එරෙහිව මාස 12 ක තරග තහනමක් පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්‌වෙන ILT20 තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු විසින් Sharjah Warriors කණ්ඩායම සමග අත්සන් කළ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන්.

2023 ILT20 තරගාවලිය වෙනුවෙන් Warriors කණ්ඩායම නූර් අහ්මඩ් සමග ගිවිසුම්ගත වී තිබූ අතර, අනතුරුව ඔහුට තවත් වසරක දිගුවක් යෝජනා කර තිබුණා.

කෙසේ වෙතත්, නූර් විසින් ඊට අදාළ ලියකියවිලි (retention notice) අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

ඒ වෙනුවට SA20 තරගාවලිය සදහා ඔහු Durban Super Giants කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමටයි තීරණය කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරගාවලියේ විනය කමිටුව විසින් පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී දෙපාර්ශවයේම අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

විනය කමිටුව විසින් පළමුව මාස 20 ක තහනමක් නිර්දේශ කර ඇතත්, නූර් අහ්මඩ් පළමු ගිවිසුම අත්සන් කිරීමේ දී බාලවයස්කරුවෙකු වීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා ඔහුගේ තහනමෙන් මාස අටක කාලයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ILT20 තරගාවලියේ පළමු අදියරේ දී නූර් අහ්මඩ් Warriors කණ්ඩායම වෙනුවෙන් තරග 7ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 148 කට කඩුලු 4ක් දවා ගත්තා.

නූර් අහ්මඩ් මෑත කාලයේ දී තරග තහනමකට ලක් වූ Warriors කණ්ඩායම නියෝජනය කළ දෙවැනි ක්‍රීඩකයායි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇෆ්ඝනිස්තානයේම නවීන් උල් හක්ට එරෙහිව ද මාස 20 ක තරග තහනමක් පැනවීමට තීරණය කෙරුණේ ද ‘retention notice’ අත්සන් නොකිරීමේ වරද හේතුවෙනුයි. ඒ අනුව ඔහුට 2024 තරගාවලිය අහිමි වූ අතර, 2025 අදියර සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...