නැමීබියාවේ සටන අපතේ යයි – ඔස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් නැමීබියාව පරදා කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව අද(22) සමත් වුණා.

Kimberley හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්‍ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාවට පන්දුවාර 33.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.

Zacheo van Vuuren ලකුණු 29 ක් රැස් කළ අතර, Callum Vidler ලකුණු 17 කට කඩුලු 4 ක් හා Tom Straker ලකුණු 16 කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Hugh Weibgen නොදැවී ලකුණු 39 යි. පන්දු යැවීමේ දී Jack Brassell ලකුණු 28 කට කඩුලු 3ක් බිද හෙලුවා.

මේ අතර, Brassell විසින් Sam Konstas දවා ගැනීමට යොමු කළ විශිෂ්ඨ පන්දුව මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...