නව නීති හමුවේ පන්දුව සිඹීමත් මාලිංගට අත්හරින්න වෙයි – සචින් ටෙන්ඩුල්කාර්

Date:

කොරෝනා වංසගත තත්ත්වයත් සමග ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පසුගියදා සිය නීති රීති කිහිපයක් තාවකාලිකව සංශෝදනය කළ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම අවම කිරීම එහි අරමුණයි.

එහිදී පන්දුව පිරිමැදීම සදහා කේඨය (කෙළ) යොදා ගැනීම ද තහනම් කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන අතර, ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ද මේ පිළිබද හාස්‍ය මුසු වූ අපූර්ව අදහස් දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දු යැවීමට සූදානම් වන අවස්ථාවේ පන්දුව සිඹින අයුරු දැක්වෙන ඡායාරූපයක් එක්කරමින් ඔහු පෙන්වා දීමට උත්සාහ කර ඇත්තේ නව අයි.සී.සී නිතී රීති හමුවේ ලසිත් මාලිංගට මෙම පුරුද්ද ද ඉදිරියේ දී වෙනස් කිරීමට සිදු වනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...