ආසියානු කුසලානය අර්බුදයක – ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ආයතන ගැටුම උග්‍ර වෙයි

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

ඒ, ඉන්දීය සහ පාකිස්තාන ක්‍රිකට් ආයතන ඒ සම්බන්ධයෙන් මත දෙකක පසුවීම හේතුවෙන්.

ආසියානු කුසලානය පැවැත්වීමට අවශ්‍යනම් එය ලබන වසරේ පෙබරවාරි – මාර්තු මාසවලදී පැවැත්විය හැකි බවත්, ඊට සහාය වීම සදහා එම කාලයේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමිය යුතු බවටත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්තානය පෙන්වා දෙන්නේ එංගලන්ත සංචාරය නිමා කර පාකිස්තාන කණ්ඩායම සිය රටට සැප්තැම්බර් දෙවනදා පැමිණීමෙන් අනතුරුව අදාළ තරගාවලිය සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවලදී පැවැත්විය හැකි බවටයි.

නමුත් ඉන්දියාව ඊට විරෝධය පල කර ඇත්තේ මෙවර දින නියමයක් නොමැතිව කල් දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එම කාලයේ දී පැවැත්වීමට ඔවුන් සැලසුම් කරමින් සිටීම හේතුවෙන්.

“ආසියානු කුසලානය මෙම වසරේ අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ. පාකිස්තානයට යෝග්‍ය කාල වකවානුවේ දී මෙම තරගාවලිය පැවැත්වීම ඉන්දියාවට යෝග්‍ය නැහැ. ඔවුන්ට පුලුවන් ලබන වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීගය කල් දාන්න ඉන්දියාවට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්. එහෙම නැතිනම් ආසියානු කුසලානය පැවැත්වීම ප්‍රයෝගික වෙන්නේ නැහැ.”

යනුවෙන් ඉන්දීය ක්‍රිකට් බළධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් පෙන්වා දෙන්නේ ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවලදී පැවැත්වීමට අවශ්‍ය බවයි.

“ආසියානු කුසලානය පැවැත්වෙනවා. පාකිස්තාන කණ්ඩායම එංගලන්තයේ සිට සැප්තැම්බර් දෙවැනිදා පැමිණීමෙන් පසුව අපිට පුලුවන් ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවලදී පවත්වන්න. ශ්‍රී ලංකාවේ එතරම් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවන නිසා තරගාවලිය පැවැත්වීම පිළිබද අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ට ඒක බැරිනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ තරගාවලිය පැවැත්විය හැකියි”

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත වූ නමුත්, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් ඔවුන් අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා එකගතාවයකට එළඹ තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...