නවසීලන්තය පරදා නයිජීරියාවට ඓතිහාසික ජයක්

Date:

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තමන් ලැබූ පළමු ජය ලැබීමට නයිජීරියාව අද(20) සමත් වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයේදී නවසීලන්තය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු දෙකක ජයක් වාර්තා කරමින්.

මැලේසියාවේ Kuching හී දී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 13 කට සීමා කෙරුණා.

පළමුව පන්දුවට පහරදුන් නයිජීරියාව කඩුලු 6 ක් දැවී ලකුණු 65 ක් ලබා ගත්තා. Lucky Piety ලකුණු 19 ක් හා Lillian Udeh ලකුණු 18 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 13 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 63 ක් පමණයි.

Anika Todd ලකුණු 19 ක් ද, Tash Wakelin ලකුණු 18 ක් ද රැස් කළා. පන්දු යැවීමේදී Usen Peace, Adeshola Adekunle හා Lillian Udeh කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...