දග පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා හමුවේ පාකිස්තානයට ලකුණු 127 ක ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 127 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(19) සමත් වුණා.

මුල්තාන්හි පැවැති තරගය ජය ගැනීම සදහා තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී ලකුණු 251 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

Alick Athanaze ලකුණු 55 කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී සජිඩ් ඛාන් ලකුණු 50 කට කඩුලු 5 ක් හා අබ්‍රාර් අහ්මඩ් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 230 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 137 ක් පමණයි. පාකිස්තානය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 157 ක් ලබා ගත්තා.

තරගය පුරා කඩුලු 9ක් දවා ගත් සජිඩ් ඛාන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...