නවසීලන්තය අභිබවා පළමු ටෙස්ට් තරගයේ පාලනය බංග්ලාදේශය යටතට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(4) නිමා වුණේ තරගයේ පාලනය බංග්ලාදේශය වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147 ක්.

විල් යන්ග් ලකුණු 69ක් රැස් කළ අතර, රෝස් ටේලර් නොදැවී ලකුණු 37යි. හෙන්රි නිකල්ස් හා ටොම් බ්ලන්ඩල් ලකුණු නොලබා සිටියදී දැවී යාම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී එබඩොට් හුසේන් කඩුලු 4ක් දවා ගනිමින් නවසීලන්ත ඉනිම අඩපන කළා.

මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 401ක් ලබා සිටි අතර, ඔවුන්ගේ ඉනිමේ සියලු දෙනා අද දැවී ගියේ ලකුණු 458ක් ලබා සිටියදීයි.

මෙහිදි හසාන් මිරාස් ලකුණු 47ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ පසුපෙල ශක්තිමත් කළා.

නායක මොමිනුල් හක් ලකුණු 88ක් ද, ලිටොන් ඩාස් ලකුණු 86ක් ද, මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 78ක් ද, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 64ක් ද ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් හා නෙයිල් වෑග්නර් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 328 ක්.

ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 17ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...