“ධනංජය ලක්ෂාන් අනිවාර්යයෙන්ම කණ්ඩායමට එනවා” : දසුන්ගෙන් සහතිකයක්

Date:

ශ්‍රී ලංකා නවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ධනංජය ලක්ෂාන්ට ද ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඉන්දියාවට එරෙහි තෙවැනි 20යි 20 තරගය සදහා ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කරවීමට අපේක්ෂාවෙන් පසු වුවද දෙවැනි 20යි 20 තරගයේ දී පිතිකරුවන් යම් පසු බෑමක් පෙන්නුම් කළ බැවින් තවත් පිතිකරුවෙකු අවසන් 11 දෙනා අතරට කැදවීමට අවසන් තරගයේ දී සිදු වූ බවයි දසුන් කියා සිටියේ.

කෙසේ වෙතත්, ඉදිරියේ දී තමා අනිවාර්යයෙන්ම ඔහු පිළිබද සළකා බලන බව ශ්‍රී ලංකා නායකයා මෙහිදී සහතික කර සිටියා.

ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝග රැසක් ද පවතින බවයි දසුන් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...