ධනංජය ද සිල්වා බංග්ලාදේශයට එරෙහි තරගයට ? පියල් විජේතුංග අද තරගය ගැන කියූ දේ

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් සතු අත්දැකීම් ශ්‍රී ලංකාවට එරෙහිව අද(1) පැවැත්වෙන තරගයේ දී බංගලාදේශ කණ්ඩායමට ඉතා වාසිදායක වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා පවසනවා.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ(31) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළා.

දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද අද තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට ඇතැම් විට ඉඩ පවතින බව ද මෙම මාධ්‍ය හමුවේ දී හෙතෙම පෙන්වා දුන්නා.

ඩුබායි හී දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත තරගය ද ඉන්දියාව හා හොං කොං කණ්ඩායම් අතර ඊයේ පැවැති තරගය පැවැති තණතීරුවේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඊයේ තරගය ද නිරීක්ෂණයට ලක් කර අද තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට අපේක්ෂා කරන බවයි පියල් විජේතුංග මහතා කියා සිටියේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ වමත් පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටින බැවින් පිට දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එසේ වුවහොත් ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කරන්නේ කවුරුන් දැයි විශාල ගැටලුවක් බවට පත් වනු ඇති.

වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ හා දිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකු වෙනුවට අසිත ප්‍රනාන්දු අද තරගයට කැදවීමට ද ඉඩ ඇති බවයි වාර්තා වුණේ.

අද තරගය සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා දැක් වූ අදහස් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...