දෙවැනි දිනයට වැස්සෙන් දැඩි බාධා – ඔස්ට්‍රේලියාව 197 ක් පිටුපසින්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි හී දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද(4) දිනයට වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් අද දිනයේ දී පන්දුවාර 46 ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඒ, පාකිස්තානය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 313 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 197 ක්.

දිනය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් ලකුණු 34 කට දැවී ගියා. ඒ, ආගා සල්මන්ගේ පන්දුවක් හමුවේයි.

උස්මාන් කවාජා ලකුණු 47යි. ආමර් ජමාල්ගේ පන්දුවක් හමුවේ කවාජා දැවී ගියා. මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 23 ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 313 ක් ලබා ගත්තේ ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 227 දී බිද වැටුණු පසුබිමකයි. අනතුරුව ආමර් ජමාල් පන්දු 97 කින් ලකුණු 82 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 9 ක් ඇතුළත් වුණා.

ඔහු හා මීර් හම්සා අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 86 (133) ක්. පාකිස්තානය වෙනුවෙන් මොහමඩ් රිස්වාන් ලකුණු 88 ක් ද, ආගා සල්මන් ලකුණු 53 ක් ද ලබා ගත්තා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ නායක පැට් කමින්ස් ලකුණු 61 කට කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...