දුර්වල පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය පරදියි

Date:

දුර්වල පිතිකරණය හමුවේ නවසීලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පරාජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද(5) සිදු වුණා.

වෙලින්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 43.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 26.2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 93 කට සීමා කරමින් රචින් රවීන්ද්‍ර ලකුණු 45(36) කට දැවී ගියේ චමිදු වික්‍රමසිංහගේ පන්දුවක් හමුවේයි.

විල් යන්ග් නොදැවී ලකුණු 90(86) ක් හා මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 29 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 87* (83) ක්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 23 ක් වන විට බිද වැටුණා. පළමු කඩුල්ල ලකුණු 15 දී දැවී ගිය අතර, ඒ අනුව එතැන් සිට පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 8ක් තුළදීයි. පැතුම් නිස්සංක ලකුණු 9කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු දෙකකටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 3කටත්, චරිත් අසලංක ලකුණු නොලබාත් දැවී ගියා.

අනතුරුව 5 වැනි කඩුල්ලට ලකුණු 87 (94)ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අවිශ්ක ප්‍රනාන්දු සමගින් ජනිත් ලියනගේ සමත් වූ නමුත්, ජනිත් ලකුණු 36 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. අනතුරුව අවිශ්ක ලකුණු 56(63) ක් ලබා සිටියදී ඊළග පන්දුවාරයෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද දමමින්. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 110/6 ක් ලෙසයි.

අනතුරුව චමිදු වික්‍රමසිංහ හා වනිදු හසරංග ලකුණු 48 (65) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ නමුත්, ඔවුන් දෙදෙනාම අනවශ්‍ය පහරවල් එල්ල කිරීමට ගොස් දැවී ගියා. චමිදු ලකුණු 22 යි. වනිදු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35 ක්.

පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජේකබ් ඩෆී හා නේදන් ස්මිත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...