දුනිත්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් දැක් වූ විශිෂ්ඨ දක්ෂතාවයන් හේතුවෙන් මෙවර වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(18) අලුයම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 නිමා කළේ සියලු දෙනා දැවි ලකුණු 175ක් පමණක් ලබා ගනිමින්.

Campbell Kellaway ලකුණු 54ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

ඔහු මෙවර යොවුන් ලෝක කුසලානය යටතේ ස්කොට්ලන්තය සමග පැවැති තරගයේ දී ද කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ට්‍රෙවීන් මැතිව් හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත් අතර, සධීෂ රාජපක්ෂ එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.(177/6)

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 49 දී බිද වැටුණේ තරගයේ ජය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 70ක සබදතාවයක් ගොඩ නැගීමට නායක දුනිත් වෙල්ලාලගේ හා අංජල බණ්ඩාර සමත් වුණා.

බණ්ඩාර ලකුණු 33කට දැවී ගිය අතර, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 52(71)ක් රැස් කළා.

රනුද සෝමරත්න නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මෙම ජයත් සමග ‘D’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...