දසුන්ගේ කණ්ඩායම් සංයුතියට අනුව පළමු තරගයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් 11

Date:

තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකකින් යුත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය බ්‍රහස්පතින්දා (02) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

පසුගිය ඉන්දීය තරගාවලියේදී ලද සුබවාදී පන්නරයත් සමගින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් නවක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සදහා හොඳ සූදානමකින් පසුවනවා.

දකුණු අප්‍රිකාව ද ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතු ප්‍රබල සංචිතයක් මෙම තරගාවලි වෙනුවෙන් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්වෙන්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර් හා ලුන්ගි එන්ගිඩී එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද(1) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නායක දසුන් ශානක සදහන් කළේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ දඟ පන්දුයවන්නන්ට සාපේක්ෂව තම කණ්ඩායමේ දඟ පන්දුයවන්නන් ඉදිරියෙන් පසුවන බවට තමා විශ්වාස කරන බවයි.

පළමු තරගයේදී කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවා වශයෙන් මිනෝද් භානුක හෝ යළි ජාතික සංචිතයට පැමිණිමට වරම් දිනාගත් දිනේෂ් චන්දිමාල් අතරින් එක් අයකු තොරාගන්නා බවයි දසුන් කියා සිටියේ.

එමෙන්ම ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායම් සංයුතියක් මෙම තරගය සදහා යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව හෙට තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට මෙලෙස විය හැකැයි. –

1. අවිශ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක/ දිනේෂ් චන්දිමාල්, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක, 7. වනිදු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම

මේ අතර, ලසිත් මාලිංග විසින් ද පළමු තරගයට ක්‍රීඩා කළ යුතු බවට ඔහු විශ්වාස කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබුණා.

ඒ, ඔහුගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්.

මාලිංග නම් කළ කණ්ඩායම –

1. අවිශ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක, 7. වනිදු හසරංග, 8. පුලින තරංග 9. චාමික කරුණාරත්න,  10. අකිල ධනංජය, 11. දුෂ්මන්ත චමීර

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...