දඹුල්ලේ නායකයා තවමත් තෝරා ගත්තේ නැහැ – පුහුණුකරු

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන තම කණ්ඩායමේ නායකයා මෙතෙක් තීරණය කර නොමැති බව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පවසනවා.

එහි පුහුණුකරු ඔවයිස් ශාහ් සදහන් කළේ පුහුණුසැසි කිහිපයක් පැවැත්වීමෙන් පසුව කණ්ඩායමේ නායකයා පත් කිරීමට කටයුතු කරන බවයි.

“නායකත්වය සදහා අපිට විකල්ප ගණනාවක් තියෙනවා අපේ සංචිතය තුළ. ඒක හොද දෙයක්.” යනුවෙන් මේ දිනවල හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින කණ්ඩායමේ පුහුණුකරු ඔවයිස් ශාහ් සදහන් කර සිටියා.

“නමුත් අපි තාම තීරණය කරලා නැහැ අපේ නායකයා කවුද කියලා. නායකයා තේරීමට පෙර මට අවශ්‍යයි පුහුණුසැසි කිහිපයක් ක්‍රීඩකයින් සමග පවත්වන්න.”

බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) විසින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබනවා.

දසුන් ශානක විසින් නායකත්වය ලබා දෙනු ඇති බවට මීට පෙර වාර්තා පල වූ දඹුල්ල කණ්ඩායම සදහා මේ වන විට තෝරා ගෙන ඇති බවට වාර්තා වන විදෙස් ක්‍රීඩකයින් වන්නේ, Samith Patel (Eng), S.Shinwari (Afg), Sudeep Thiyagi (Ind), Anwar Ali (Pak), Paul Sterling (Ire), Aftab Alam (Afg) යන අයයි.

දඹුල්ල සංචිතය හෙට හෝ අනිද්දා දිනයේ දී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇති බවයි කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...