දඹුල්ලට එරෙහිව ගාල්ල අවසන් තරගයට

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම අද (26) සමත් වුණා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එම තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

කෙසේ වෙතත්, පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනුයි ගාල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ඒ අනුව ලබන දෙවැනිදා ගාලු ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අවසන් මහා තරගයේ දී ඔවුන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Also Read : යාපනය පරදා දඹුල්ල අවසන් මහා තරගයට

පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 658 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූ අතර, පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි.

අනතුරුව ගාලු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් රැස් කර සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ, ජයග්‍රහනය සදහා මහනුවරට ලකුණු 644 ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 299 ක් පමණයි.

මෙම තරගයේ ගාලු පළමු ඉනිමේ දී සොහාන් ද ලිවේරා (ලකුණු 133) මෙන්ම මහනුවර දෙවැනි ඉනිමේ දී ලසිත් කෘෘස්පුල්ලේ (ලකුණු 101) ශතක වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...