දකුණු අප්‍රිකා ප්‍රබල වේග පන්දු යවන්නෙකුට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

Date:

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියාට 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු ජූනි මාසයේදී පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

පාකිස්තානය සමග පැවැති සුදු පන්දු තරගාවලිය සදහා අන්රික් නොකියා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසු වූ නමුත්, ඔහුගේ පාදයක ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ද අහිමි වුණා.

ඔහුට මේ දිනවල පැවැත්වෙන SA 20 තරගාවලියෙන්ද ඉවත් වීමටයි මේ වන විට සිදුව ඇත්තේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකා සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කඩිනමින් පියවර ගනු ඇති.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්ව මේ වන විට සුවය ලබා සිටින ජෙරාල්ඩ් කොට්සියා බොහෝ විට අන්රික් නොකියා වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

මීට පෙර 2019 හා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිද ආබාධ හේතුවෙන් අන්රික් නොකියාට අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...