එංගලන්ත ක්‍රිකට් ආයතනයේ නව නීතියට පයින් ගසමින් වින්ස් දැඩි තීරණයක් ගනියි

Date:

2025 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව සැලසෙන පරිදි 2025 වසරට අදාළ පළමු පෙල තරග පිටියෙන් ඉවත් වීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් වින්ස් තීරණය කර තිබෙනවා.

ඔහු ඉදිරියටත් හැම්ප්ෂයාර් කණ්ඩායමේ විස්සයි 20 නායකයා ලෙස කටයුතු කරන නමුත්, පළමු පෙල කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව 2025 වසරට අදාළ බ්‍රිතාන්‍යයේ අන්තර් ප්‍රාන්ත සිව්දින තරගාවලිය (County Championship) සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

33 හැවිරිදි වින්ස් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය වෙනුවෙන් කරච්චි කිංග්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගත්තා.

2025 සිව්දින දේශීය තරග වාරය සමග ඝට්ටනය වන විදෙස් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය අවසර ලබා දෙන්නේ විශේෂඥ සුදු පන්දු ක්‍රීඩකයින් සදහා පමණයි.

2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අප්‍රේල් 8 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, එම කාලයේදී හැම්ප්ෂයාර් කණ්ඩායම සිව්දින තරග හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව තමන් රතු පන්දු ක්‍රීඩා කරමින් දේශීය තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද? නැතහොත් විශේෂඥ සුදු පන්දු ක්‍රීඩකයෙකු ලෙස සිටිමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා ගන්නේ ද? යන්න පිළිබද තීරණයක් ගැනීමට ජේම්ස් වින්ස්ට සිදු වුණා.

ඔහු හැම්ප්ෂයාර් කණ්ඩායමේ නායකයා ලෙස වසර 9ක කාලයක් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...