දකුණු අප්‍රිකා පළමු ඉනිම 191 කට සීමා වෙයි

Date:

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(28).

අද දිනය ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.

නායක ටෙම්බා බවුමා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 70 ක් ලබා ගත්තේ හතරේ පහර 9 ක් හා හයේ පහරක් සමගින්.

දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ක්යල් වෙරේන් ලකුණු 9කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි ඔහු දැවී ගියේ.

වියාන් මෝල්ඩර් එක් ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ලහිරු කුමාරගේ පන්දුවක් දකුණු අතේ ඇගිල්ලක වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්. අනතුරුව ඔහු යළි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස බවුමා දැවී යාමෙන් පසුවයි. ඔහු නොදැවී ලකුණු 9 ක් රැස් කළා.

මාර්කෝ ජන්සෙන් ලකුණු 13 කටත්, ජෙරාල්ඩ් කොට්සියා එක් ලකුණකටත් දවා ගත්තේ ප්‍රභාත් ජයසුරිය විසිනුයි. කේෂාව් මහරාජ් ලකුණු 24 ක් ලබා ගත්තා. කාගිසෝ රබාඩා ලකුණු 15 ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලෙස ඊයේ දිනයේ දී ඒඩ්න් මාක්‍රම් ලකුණු 9කටත්, ටෝනි ද සෝර්සි ලකුණු 4කටත්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 16 කටත්, ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 4කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...