එකම ප්‍රාන්තයේ එකම දිනයක උපන් තවත් ඔලී රොබින්සන් කෙනෙක් එංගලන්ත ටෙස්ට් සංචිතයට

Date:

එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරග සංචාරය සදහා වන එංගලන්ත සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ඔලී රොබින්සන් නම් තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් අද(28) ආරම්භ වූ මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කෙරුණු කඩුලු රකින ක්‍රීඩක ජෝර්ඩන් කොක්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි රොබින්සන් මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ.

පසුගිය වසර තුන ඇතුළත එංගලන්ත ටෙස්ට් සංචිතයට කැදවූ ඔලී රොබින්සන් නම සහිත දෙවැනි ක්‍රීඩකයා වන්නේ මොහුයි.

වේග පන්දු යවන ඔලී රොබින්සන් 2021 වසරේ සිට එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු මේ දක්වා ටෙස්ට් තරග 20 ක් ක්‍රීඩා කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම කෙන්ට්හි උපත ලබා තිබීමත්, ක්‍රීඩකයින් දෙදෙනාගේම උපන් දිනය දෙසැම්බර් පළමු වැනිදාට යෙදී තිබීමත් විශේෂත්වයක්. වේග පන්දු යවන ක්‍රීඩක රොබින්සන් 1993 වසරේදී උපත ලබා ඇති අතර, කඩුලු රකින ක්‍රීඩක රොබින්සන් උපත ලබා ඇත්තේ 1998 වසරේදීයි.

පුහුණුවීම් අතරතුර පසුගිය ඉරිදා දිනයේදී දකුණු මාපටැඟිල්ලෙහි සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙනුයි කඩුලු රකින ක්‍රීඩක ජෝර්ඩන් කොක්ස්ට නවසීලන්ත සංචාරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම ටෙස්ට් තරග සංචාරයට එක් නොවන අතර, ඔහු වෙනුවට ජෝර්ඩන් කොක්ස් මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව සිටියා.

කෙසේ වෙතත්, ඔහුට සිදු වූ ආබාධය නිසා පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු රැකීමේ වගකීම ඔලී පෝප්ට පැවරුණු අතර, ජේකබ් බෙතෙල්ට ටෙස්ට් වරම් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...