දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට ලකුණු 229 ක අන්ත පරාජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් ලකුණු 229 ක දැවැන්ත පරාජයක් ලබමින් මෙවර තරගාවලියේ දී තමන් ලැබූ තෙවැනි පරාජයත් අත්විදීමට පසුගියවර ලෝක ශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමට අද(21) සිදු වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 399 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් පන්දු 67 කින් ලකුණු 109 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක ටෙම්බා බවුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට කණ්ඩායමට කැදවූ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 75 කින් ලකුණු 85 ක් ලබා ගත්තා.

මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 75 ක් වාර්තා කළේ පන්දු 42 කින් හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමගින්. රසී වැන් ඩර් ඩසන් ලකුණු 60 ක් හා ඒඩ්න් මාක්‍රාම් ලකුණු 42 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 88 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් (Gus Atkinson) හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 10 පිතිකරු වූ මාර්ක් වුඩ්. ඔහු පන්දු 17 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්.

අංක 9 පිතිකරු වූ ගස් ඇට්කින්සන් පන්දු 21 කින් ලකුණු 35 ක් රැස් කළා. වුඩ් හා ඇට්කින්සන් අතර 9 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 70 (32)ක්.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලුනිග් එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 51865]

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...