තරග තුනක පරාජයෙන් පසු නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

Date:

ඩිල්ෂාන් මදුෂංකගේ හා කසුන් රාජිතගේ සුපිරි පන්දු යැවීම මෙන්ම සධීර සමරවික්‍රමගේ අනර්ඝ පිතිහරඹය හමුවේ තරග තුනක අඛන්ඩ පරාජයෙන් පසුව මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, ලක්නව්හි පැවැති මෙවර තරගාවලියේ 19 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 91 ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔවුන් එලෙස සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණේ.

Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගුවා. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 130 (143) ක්.

එම සම්බන්ධතාවය බිද දැමීම සදහා ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන් යොදා නොගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද තරගය අතරතුර දී විචේචනයට ලක් කළා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක හා කසුන් රාජිත කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් පෙරේරා ලකුණු 5කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 11කටත් දැවී ගියා. කෙසේ වෙතත්, පැතුම් නිස්සංක ලකුණු 54(52) ක් හා සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91(107) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට මෙවර තරගාවලියේ පළමු ජය තහවුරු කර දුන්නා.

චරිත් අසලංක ලකුණු 44(66) යි. ධනංජය ද සිල්වා ලකුණු 30 ක් ලබා ගත්තා.

තෙවැනි කඩුල්ල සදහා පැතුම් හා සධීර ලකුණු 52 (40) ක සම්බන්ධතාවයක් ද, සිව්වැනි කඩුල්ල සදහා සධීර හා අසලංක ලකුණු 77 (99) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුවා. 5 වැනි කඩුල්ල සදහා සධීර හා ධනංජය අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 76 (85) ක්.

පන්දු යැවීමේ දී Aryan Dutt ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...