දකුණු අප්‍රිකාව ජයග්‍රහනයට ලකුණු 243ක් පිටුපසින් – Day 4 Report

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(7) නිමා වුණා.

ඒ වන විට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 127ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 59ක් සහ රසී වැන් ඩර් ඩුසේන් ලකණු 48ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

රාවල්පින්ඩිහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවි ලකුණු 272ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 201ක් රැස් කළා.

අනතුරුව පාකිස්තානය සිය දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 298ක්.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ජයග්‍රහනයට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 243ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...