අශ්වින් වසර 114ක් පැරැණි වාර්තාවක් බිද දමයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අද(8) වසර 114ක් පැරණි වාර්තාවක් බිද දැමීමට සමත් වුණා.

ඒ, එංගලන්තය සමග චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී යි.

එහිදී එංගලන්ත දෙවන ඉනිමේ පළමු පන්දුවෙන්ම රොරී බර්න්ස් දැවී ගිය අතර, එම කඩුල්ල දවා ගනු ලැබුවේ රවිචන්ද්‍රන් අශ්වින් විසින්.

ඒ අනුව එය ටෙස්ට් ඉනිමක පළමු පන්දුවේ දී ම දග පන්දු යවන්නෙකු විසින් කඩුල්ලක් දවා ගත් තෙවැනි අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

මීට පෙර 1888 වසරේ දී එංගලන්ත හිටපු දග පන්දු යවන්නෙකු වූ Bobby Peel සහ 1907 වසරේ දී දකුණු අප්‍රිකාවේ හිටපු දග පන්දු යවන්නෙකු වූ Bert Vogler විසින් ටෙස්ට් ඉනිමක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබුණා.

ඒ අනුව ටෙස්ට් ඉනිමක පළමු පන්දුවෙන්ම දග පන්දු යවන්නෙකු විසින් කඩුල්ලක් දවා ගත් අවස්ථාවක් අද දිනයේ දී වාර්තා වුණේ වසර 114කට පමණ පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...