දකුණු අප්‍රිකාවේ වාර්තාගත ජය ඉතිහාසගත වූ හැටි හා අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන

Date:

වසර 10 කට පසුව ආසියාවේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(31) සමත් වුණා. ඒ, බංග්ලදේශය පරදා දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 273 ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකා කණ්ඩායමක් ආසියාවේ දී එලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළේ 2008 වසරෙන් පසුව වීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව අද වාර්තා කළ ජය ඉතිහාසගත වුණේ ඔවුන් ටෙස්ට් තරගයක් ඉනිමකින් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි.

අද ලැබූ ජයත් සමග දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5 වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා. ඒ අනුව සිය රටේ දී ඉදිරියේ දී පැවැත්වෙන ටෙස්ට් තරග හතරෙන් තරග 3ක් ජය ගතහොත් ඔවුන්ට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉහළ අවස්ථාවක් උදා වනවා.

මෙතෙක් ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වූ නවසීලන්තයට මේ වන විට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.

Chattogram හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු හයක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 159 ක් පමණයි.

බංග්ලාදේශ දෙවැනි ඉනිම ද තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී ලකුණු 143 කට සීමා කරමිනුයි දකුණු අප්‍රිකානුවන් මෙම වාර්තාගත ජය අද ලබා ගැනීමට සමත් වුණේ.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී කාගිසෝ රබාඩා කඩුලු පහක් දවා ගත් අතර, දෙවැනි ඉනිමේ දී කේෂාව් මහරාජ් කඩුලු පහක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...