චමරිගේ තුන් ඉරියව් දක්ෂතා මැද සිඩ්නි පිලට විශිෂ්ඨ ජයක්

Date:

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(31) සමත් වුණා.

උතුරු සිඩ්නිහී දී පැවැති තරගයට වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා කෙරුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146 ක් ලබා ගත් අතර, හරිකේන්ස් කණ්ඩායමට පන්දුවාර 17 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

සිඩ්නි තන්ඩර් ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 38 ක් රැස් කළේ පන්දු 29 කින් හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. Heather Knight ලකුණු 48 යි.

පිළිතුරු හෝබාර්ට් ඉනිමේ දී චමරි පන්දු යැවීමෙන් ලකුණු 11 කට කඩුල්ලක් දවා ගැනීමට ද සමත් වුණා. Hannah Darlington කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...