දකුණු අප්‍රිකාවට ලකුණු 139 ක දැවැන්ත ජයක්

Date:

අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 139 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී ලකුණු 271 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට සියලු දෙනා දැවී පන්දුවාර 31.5 ක් තුළ දී ලබා ගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් Ryan Rickelton ලකුණු 91 ක් රැස් කළ අතර, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 79 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්ක් අදයර් ලකුණු 50 කට කඩුලු 4 ක් ද, ක්‍රෙයිග් යන්ග් ලකුණු 45 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පිළිතුරු අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 21 ක් ලබා ගත් ජෝර්ජ් ඩොක්‍රෙල්.

පන්දු යැවීමේ දී ලිසාද් විලියම්ස් ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගත්තා. ලුන්ගි එන්ගිඩී හා Bjorn Fortuin අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...