දකුණු අප්‍රිකාවට තරග 2-0 ක තරගාවලි ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (11) සමත් වුණා.

ඒ දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 284 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 391 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්න්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ජොෂුවා ද සිල්වා ලකුණු 34 ක් රැස් කළ අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 19 ක් හා අල්සාරි ජෝසප් ලකුණු 18 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සයිමන් හාර්මර් හා Gerald Coetzee කඩුලු 3 බැගින් දවා ගත්තා. කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ජොහැනස්බර්ග් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 320 ක් රැස් කළා.

පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251 ක් පමණයි.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 287 ක් ලබා ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 321 ක්. නායක ටෙම්බා බවුමා ලකුණු 172 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...