නව තේරීම් කමිටුවට නම් 5ක් නිර්දේශ කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තේරීම් කමිටුව සදහා පුද්ගලයින් 5 දෙනෙකුගේ නම් ජාතික ක්‍රීඩා සභාව වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව ඉන් තිදෙනෙකු තේරීම් කමිටුව සදහා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, එහි සභාපතිත්වය දරනු ලැබූ අසන්ත ද මැල් මහතා පසුගියදා ඉල්ලා අස් වුණා.

කෙසේ වෙතත්, යොවුන් කණ්ඩායම් තේරීම සදහා සාමාජිකයින් දෙදෙනෙකු ද, කාන්තා කණ්ඩායම් තේරීම වෙනුවෙන් සාමාජිකයින් දෙදෙනෙකු ද අදාළ තේරීම් කමිටුවට ඇතුළත්ව සිටි අතර, ඔවුන් සිව් දෙනා තවදුරටත් අදාළ තනතුරුවල කටයුතු කරන බව සදහන්.

එම සිව් දෙනා හැරුණු විට සෙසු තිදෙනා පිරිමි ජාතික කණ්ඩායමේ තේරීම් සිදු කිරීම සදහා බැදී සිටිනවා.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාව වෙත නිර්දේශ කර ඇති පුද්ගලයින් වන්නේ රෝයි ඩයස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න සහ වරුණ වරාගොඩ යන අයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...